කර්ණාටක ප්‍රාන්තයේ අවු. 16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනමක්
March 6, 2026 02:08 pm
ඉන්දියාවේ තාක්ෂණික කේන්ද්‍රස්ථානය ලෙසින් සැලකෙන බැංගලෝරය පිහිටා ඇති කර්ණාටක ප්‍රාන්තයේ වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට ප්‍රාන්ත රජය පියවරගෙන තිබේ.
ප්‍රාන්ත මහ ඇමති සිද්ධරාමයියා මහතා ඒ බව නිල වශයෙන් අද (6) ප්‍රකාශ කර ඇත.
ඒ අනුව දකුණු ඉන්දියාව තුළ සමාජ මාධ්‍ය භාවිතය තහනම්කළ පළමු ප්‍රාන්තය බවට කර්ණාටක පත්විය.
"ළමුන්ට ජංගම දුරකථන භාවිතය වැඩිවීමේ අහිතකර බලපෑම් වැළැක්වීමේ අරමුණින්, වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කළා" යැයි මහඇමති සිද්ධරාමයියා සිය අයවැය කතාවේදී මේ බව පවසා ඇත.
